තැන තැන හමුවන මළ සිරුරු
July 5, 2023 07:20 am
කොටුව පොලිස් වසමේ ගාලුමුවදොර වරාය නගරයේ මුහුදු තීරයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට කොටුව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව මරණකාරියගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර දුඹුරු පාට කොට කලිසමක් හා සුදු පැහැති තන පටයක් හැඳ සිටි උඩ අඩි 4 අඟල් 9ක් පමණ වන අතර කොණ්ඩය ගෙල ප්‍රදේශය දක්වා වවා ඇති බව පොලීසිය පවසයි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, දෙහිවල පොලිස් වනමේ පීරිස් පටුමඟ, මුහුදු තීරයේ දී සිහිසුන්ව සිටි පුද්ගලයෙකු දෙහිවල පොලීසිය විසින් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.
මරණකරුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර අවුරුදු 55 - 60ක් පමණ වන පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
