අඟහරුට අපේ නෑකමක් ?

අඟහරුට අපේ නෑකමක් ?

July 2, 2023   07:33 pm

නාසා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් මේ දිනවල සුවිශේෂී පර්යේෂණයක් සඳහා ලංකාවට පැමිණ තිබේ.

ඒ අඟහරු ග්‍රහයාගේ තිබෙන පාෂාණවල සහ ලංකාවේ තියෙන පාෂණවල සමානාත්මතාවය සොයාබැලීම සඳහා.

එම පර්යේෂණය සිදුකර විද්‍යාඥයින් අතරේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ, ආචාර්ය සුනිති කරුණාතිලක මහතාය.

ඔහු නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලාංකික අපට ඉමහත් ගෞරවයට කරුණකි.

නාසා ආයතනයෙන් මෙරටට පැමිණි විද්‍යාඥයින් පිරිස පළමුවෙන්ම ලංකාවේ ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර පසුව ඉඳිකොළපැලැස්ස සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට යෑමට නියමිතය.

ප්‍රශ්නය - ලංකාව ගැන සිදුකරන පර්යේෂණවලදී ලංකාව ඇයි වැදගත් වෙන්නේ ?

"ලංකාවේ තියෙන භූගෝල විශේෂ ලක්ෂණ පෙන්නලා තියෙනවා අඟහරුවල තියෙන සමහර පාෂාණවලට සහ පස්වලට සමරූපිතා වැදගත් විදියට ලංකාවේ තියෙනවා කියලා."

කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය පූජ්‍ය කපුගොල්ලේ ආනන්දකිත්ති හිමි

"පාෂාණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමා නීල ගරුඩ පාෂාණය. අනිත් එක චන්ද්‍රකාන්ත පාෂාණය. තවදුරටත් මේ පිළිබඳව පර්යේෂණ සිදුකිරීමෙන් අනතුරුව හරියටම මේකට සිංහලෙන් දියයුතු නම කියලා තීන්දු කිරීම වඩාත් වැදගත් කියලා මම හිතනවා..."

මෙම වැඩසටහනේ සම්පූර්ණ විස්තරේ ඉහත වීඩියෝවෙන් නරඹන්න...