දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ගැන මතගැටුමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ගැන මතගැටුමක්

July 1, 2023   01:44 pm

රජයේ මුදල් කාරක සභාවේදී ඊයේ (30) අනුමත කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අද (01) එලෙසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"අපි කාරක සභාවේදී සම්මත කළ යෝජනාවේ සහ අද මේ සභාවට ඉදිරිපත් කර තිබෙන න්‍යාය පත්‍රයේ තිබෙන යෝජනා අතර පොඩි පරස්පරයක් තිබෙනවා. සියලුම වචන ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි. නමුත් ඒ වචන ඒ ආකාරයෙන්ම මෙතන නැහැ. අපි කාරක සභාවේදී ඝෘජුවම එකඟ වුණේ මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීම මේ යෝජනා සම්මතයේ කොටසක් වියයුතුයි කියන එක. මොකද ඒ ඉදිරිපත් කිරීමේ තමයි තියෙන්නේ කොයි විදියට ද මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන එක. සංකල්ප පත්‍රිකාවේ ඒක නැහැ."

මේ පිළිබඳ වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න..