ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

June 26, 2023   09:53 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.

"අද දෙරණ" වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 09.10ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවය.

පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.