රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක්

රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක්

June 24, 2023   04:32 pm

පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.

ඊයේ (23) එසේ පහරදී ඇත්තේ, එම නීතිඥවරියගේ පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස අසලදීය. 

අදාළ පහරදීම සිදුකර ඇත්තේ‍ රජයේ අධිනීතිඥවරිය සමග කලක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය හිටපු හමුදා සෙබළෙකු බව වාර්තා වෙයි.

මෑතක සිට ඇය ඔහු මඟහැර යෑම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය පවසයි. 

පහරදීමට උත්සාහ කිරීමත් සමග එම කාන්තාව දුම්රිය ස්ථානය දෙසට දිව ගොස් ඇති අතර එම කාන්තාවට පිහි පහර තුනක් පමණ එල්ලවී තිබේ.

ඉන් ඇය සුළු තුවාල ලබා ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිලධාරියෙක්ද සුළු කැපුම් තුවාල ලබා තිබුණි.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.