දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට
June 18, 2023 08:15 am
දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ එම පනත සඳහා කිසිදු මහජන නියෝජිතයෙකු විරෝධතාවය පළ නොකරනු ඇති බවය.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
