දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
June 16, 2023 10:07 am
රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලද එක් දෙපාර්තමේන්තුවකි.
එසේම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවෙන්දයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙලෙඅස් ඈවර කර ඇති අනෙක් දෙපාර්තමේන්තුවයි.


