නවක වධයට පේරාදෙණියේ සිසුන් 11කගේ පන්ති තහනම්
June 13, 2023 07:31 am
නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ, නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පන්ති තහනම තාවකාලිකව පනවා ඇති බවය.
"අපිට වාර්තා වෙලා තියන විදියට ජ්‍යෙෂ්ඨ සිසුන් 21ක් පමණ නවක සිසුන්ට නරක් වූ ආහාර අනුබව කරන්න දීලා පරුෂ වචනයෙන් බැනවැදිලා, තර්ජනය කිරීම් ආදිය කරලා කියලා අපිට වාර්තා වෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලය විසින් තීරණය කළා ඒ නවක වධය සිද්ධියට සම්බන්ධ වෙච්ච සිසුන් 11කගේ පන්ති තහනමක් ක්‍රියාත්මක කරන්න තාවකාලිකව විමර්ශනයකට යටත්ව. මේ සිදුවීම ආරංචි වූ වහාම විනය ආරක්ෂක නිලධාරීන් හා විනය පාලකතුමා සම්බන්ධ වෙලා අදාළ සිසුන් හඳුනාගැනීම් සිදුකළා. එහිදී සිසුන් 21ක් පමණ සහභාගී වු බවට අනාවරණය වුවත් පැහැදිලිව හඳුනාගැනීමට හැකි වූ සිසුන් 11කගේ පන්ති තහනම තමයි උපකුලපතිවරයා විසින් තහනමට ලක්කළේ. මේ අයට විශ්වවිද්‍යාල ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්. මීට අදාළව විමර්ශනයක් සිදුකර දඬුවම් ලබාදීමට විශ්වවිද්‍යාලය කටයුතු කරනවා."
නවක වධය සිද්ධි සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 08දෙනෙකුගේ ද පන්ති තහනම් කර ඇති බව මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.