ජල කප්පාදුවක්

ජල කප්පාදුවක්

June 12, 2023   01:32 pm

ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙ.ව 10.00 සිට අනිද්දා (14) පෙ.ව 6.00 දක්වා ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

පැලැන්වත්ත, කනත්ත පාර, පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම - පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ලැබේ.