ජනාධිපති සහ TNA අතර සාකච්ඡාවක්

ජනාධිපති සහ TNA අතර සාකච්ඡාවක්

June 8, 2023   10:01 pm

ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද  පැවැත්වුණි.

අද පස්වරු 5ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

තොරතුරු වාර්තා වන්නේ උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුව, බලය බෙදාහැරීම, පළාත් සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවය.