තැන තැන කපුටන් මියයයි
June 8, 2023 01:12 pm
පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් ඊයේ (07) උදෑසන සිට මියයමින් පවතී.
මේ සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවට ද තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.
