විකාශන නියාමන කොමිසම ගැන අලුත් තීරණයක්
June 2, 2023 05:48 pm
විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සදහා බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ වන විට යෝජනා මාලාවක් පමණක් සකස් කර ඇති බවයි අද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී මේ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ ඊට අදාළව එළඹෙන 07 වනදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.