ගාලු වරායේ දී විදෙස් ජාතිකයෙක් මරුට

ගාලු වරායේ දී විදෙස් ජාතිකයෙක් මරුට

June 2, 2023   09:54 am

ගාල්ල වරායේ දී 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු වරායට පැමිණි අවස්ථාවේ දී අදාළ පුද්ගලයා වරායේ ජැටියට බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු මුහුදට වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.