විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව තවත් පියවරක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව තවත් පියවරක්

May 31, 2023   04:09 pm

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජිතයින් සමග අදහස් හුවමාරු කරගත් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර ජූනි මස අවසන්වීමට පෙර ප්‍රතිව්‍යුහගත කළ යුතුය.

ගෙවීමට ඇති ව්‍යාපෘති ණය, ලංකා ඛනිජතෙල් සංස්ථාවට, පුනර්ජනනීය සපයුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ඇති ගෙවීම්, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය, 2023 ලබා ඇති පාඩු පියවාගැනීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාරික සැලසුම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලෝක බැංකු විශේෂඥයින් කටයුතු කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සුදුසු විකල්ප හඳුනාගැනීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.