ආගමික සංහිඳියාවට බාධා කරන අය අල්ලන්න විශේෂ පොලිස් ඒකකයක්
May 29, 2023 08:00 pm
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අදාළ සිද්ධි පිළිබඳ බුද්ධි තොරතුරු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම පොලිස්පතිවරයා සමග ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.