වෙඩිකෑ නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්
May 26, 2023 08:27 pm
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (26) පෙරවරුවේ පාසලට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණි.
එහිදී තුවාල ලැබූ ඔහු සිය යතුරුපැදියෙන් කිලෝමීරයක් පමණ දුර ගොස් එය අතහැර දමා අම්බලන්ගොඩ පොලීසිය වෙත දිවයෑමට සමත්වී තිබේ.
ඒ අතරවාරයේදීත් වෙඩික්කරුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයා පසුපස යතුරුපැදියෙන් හඹාවිත් ඇත.
අනතුරුව පොලීසිය විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
පොලීසිය පවසන්නේ, වෙඩි ප්‍රහාරයට ලක්වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා පාතාලයේ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු බවය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක මහේෂ් ද සොයිසා මහතා අද විද්‍යාලයට ගොස් තිබුණේ, යතුරුපැදියකිනි.
කොළඹ දෙස සිට අම්බලන්ගොඩ දෙසට පැමිණෙමින් සිටි මොහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ, බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේදීය.
යතුරුපැදයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු සිදුකළ මෙම ප්‍රහාරයේදී නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කොන්ද ප්‍රදේශයට තුවාල සිදුවී තිබේ.
පොලීසිය පවසන්නේ, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති 42 හැවිරිදි ධනුක මහේෂ් ද සොයිසා මහතා පතාලයේ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් බවය.
එමෙන්ම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ, ඔහුගේ බැංකු ගිණුම්වල සැකකටයුතු ලෙස මුදල් සංසරණය වීම හේතුවෙනි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් රැසක සේවය කර තිබු ඔහු අවසන්වරට ගුරුවරයෙකු ලෙස සේවය කර තිබුණේ, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේය.
පසුව ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණ තිබේ.
ඒ, එම විද්‍යාලයේ විනයභාර සහ නියෝජ්‍ය විදුහල්පති ලෙසිනි.