header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ළමා මනස නසන සමාජ මාධ්‍ය
May 25, 202312:09 PM
ළමා මනස නසන සමාජ මාධ්‍ය
Mobitel 1278

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම හේතුවක් වන බව වෛද්‍යවරු පවසති.

එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් අතර විෂාදයේ ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව ද ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශකවරු පෙන්වා දෙති.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නව යෞවනයේ සිටින දූදරුවන් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කිරීම තුළින් ඔවුන්ගේ පෞර්ෂ වර්ධනයට ද එය බලපෑම් එල්ල කර ඇති බවය.

"නව යෞවනයෙකුගේ මොළයේ පිටුපස කොටස තමයි ඉස්සෙල්ලා වර්ධනය වෙන්නේ. එතකොට පිටුපස කොටස තමයි හැඟීම් මොළේ කියලා කියන්නේ. එතකොට හැඟීම්වලට අදාළ දේවල් හරි ඉක්මනින් වර්ධනය වෙනවා. ආශාවන් පස්සේ යනවා. අලුත් දේවල් කරන්න බලනවා. බුද්ධිමය කුසලතාවලට අදාළ කොටස් වර්ධනය වෙන්න ටිකක් ප්‍රමාද වෙද්දි වෙන්නේ, හැඟීම් එක්ක වැඩකරනවා වැඩියි. නිකන් බේරේක් නැති වාහනේ වගේ.

නව යෞවන වියේ දී වැඩිපුර කලහකාරී දේවල්වලට යොමු වුණොත්, වි‍ශේෂයෙන් වීඩියෝ ගේම් වගේ දේවල්වලට ඒක දිගටම ප්ලේ කරද්දි මොළේ සකිට් වැඩිපුර ශක්තිමත් වෙනවා. එතකොට වැඩිහිටියෙක් වුණාම එයා කලහකාරී ලක්ෂණ එක්ක තමා ඉන්නේ. ඒ විශේෂත්වය එක්ක සමාජ මාධ්‍යවලට ගියාම ටිකක් අනතුරුවලට ලක්වෙනවා වැඩියි. මොකද හරි දේ තෝර බේරගන්න බෑ. හැඟීම් පස්සේ ආශාවන් පස්සේ යනවා.

සීමාවට වඩා සමාජ මාධ්‍යවල ඉන්න දරුවන්ගේ විශාදයේ ලක්ෂණ, අනිත් එක තමා කාංසාව කියන තත්ත්වය හා පෞර්ෂය අඩුවෙනවා. මොකද සමාජයට ගිහින් ඇස් දෙක දිහා බලලා සංනිවේදනයක් පවත්වා ගන්නේ නැතුව කෘතිම පරිසරයක් ඇතුළේ තියන සම්බන්ධතාවයකින් දරුවන්ගේ පෞර්ෂය වර්ධනය වෙන්නේ නෑ.

සමහර අවස්ථාවලදී අනාරක්ෂිත ගෘප් තියෙනවා. සමහර වෙලාවට තමන්ට හානි කරගන්න ගෘප් තියෙනවා. ඒ ගෘප් එකට ඇතුළත් වෙන්නත් තමන්ට හානියක් කරගන්න වෙනවා. නමුත් ඒ අයට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ අය ඒකට යනවා මොකද එයාලා කැමතියි ඒකට. අනිත් අවස්ථාව තමා සයිබර් අවකාශයේ හිරිහැරයට ලක්වීම. මේකේ ලොකුම ගැටලුව තමා පළමු දේ මේක ලොකු ඕඩියන්ස් එකකට යනවා. දෙවැනි කාරණය තමා පැය 24ම දවස් 7ම. අනිත් එක තමා කවුද මේක කරන්නේ කියලා හොයා ගන්න අමාරුයි. අපි හිතමු මොනවා හරි විදියකින් මේක නැවැත්තුවා කියලා. නැවැත්තුවත් ඒ වෙච්ච හිරිහැරය වෙලා ඉවරයි. මේවායින් පස්සේ විශේෂයෙන් විශාදය හා සියදිවි නසා ගැනීම්වලට යන දරුවෝ අපි දැකලා තියෙනවා.

අනිත් එක හොඳ නැති පුද්ගලයෝ බොරු ගිණුම්වලින් ඇවිත් මේ නව යෞවනයෝ එක්ක ගෘප්වලට එකතුවෙනවා. ඒ වගේම අනවශ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. ඒ හරහා අනවශ්‍ය ලිංගික හැසිරීම්වලට පවා නව යෞවනයන් යන අවස්ථා තියෙනවා. නිරුවත් ඡායාරූප අරන් ළමයින්ව බ්ලැක්මේල් කරන අවස්ථා තියෙනවා. ඒවා අවසන් වෙන්නේ සියදිවි නසා ගැනීම් සහ විශාදය වැනි තත්ත්වවලින්..."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට