header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ළමා මනස නසන සමාජ මාධ්‍ය
May 25, 202312:09 PM
ළමා මනස නසන සමාජ මාධ්‍ය
Mobitel 1278

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම හේතුවක් වන බව වෛද්‍යවරු පවසති.

එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් අතර විෂාදයේ ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව ද ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශකවරු පෙන්වා දෙති.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නව යෞවනයේ සිටින දූදරුවන් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කිරීම තුළින් ඔවුන්ගේ පෞර්ෂ වර්ධනයට ද එය බලපෑම් එල්ල කර ඇති බවය.

"නව යෞවනයෙකුගේ මොළයේ පිටුපස කොටස තමයි ඉස්සෙල්ලා වර්ධනය වෙන්නේ. එතකොට පිටුපස කොටස තමයි හැඟීම් මොළේ කියලා කියන්නේ. එතකොට හැඟීම්වලට අදාළ දේවල් හරි ඉක්මනින් වර්ධනය වෙනවා. ආශාවන් පස්සේ යනවා. අලුත් දේවල් කරන්න බලනවා. බුද්ධිමය කුසලතාවලට අදාළ කොටස් වර්ධනය වෙන්න ටිකක් ප්‍රමාද වෙද්දි වෙන්නේ, හැඟීම් එක්ක වැඩකරනවා වැඩියි. නිකන් බේරේක් නැති වාහනේ වගේ.

නව යෞවන වියේ දී වැඩිපුර කලහකාරී දේවල්වලට යොමු වුණොත්, වි‍ශේෂයෙන් වීඩියෝ ගේම් වගේ දේවල්වලට ඒක දිගටම ප්ලේ කරද්දි මොළේ සකිට් වැඩිපුර ශක්තිමත් වෙනවා. එතකොට වැඩිහිටියෙක් වුණාම එයා කලහකාරී ලක්ෂණ එක්ක තමා ඉන්නේ. ඒ විශේෂත්වය එක්ක සමාජ මාධ්‍යවලට ගියාම ටිකක් අනතුරුවලට ලක්වෙනවා වැඩියි. මොකද හරි දේ තෝර බේරගන්න බෑ. හැඟීම් පස්සේ ආශාවන් පස්සේ යනවා.

සීමාවට වඩා සමාජ මාධ්‍යවල ඉන්න දරුවන්ගේ විශාදයේ ලක්ෂණ, අනිත් එක තමා කාංසාව කියන තත්ත්වය හා පෞර්ෂය අඩුවෙනවා. මොකද සමාජයට ගිහින් ඇස් දෙක දිහා බලලා සංනිවේදනයක් පවත්වා ගන්නේ නැතුව කෘතිම පරිසරයක් ඇතුළේ තියන සම්බන්ධතාවයකින් දරුවන්ගේ පෞර්ෂය වර්ධනය වෙන්නේ නෑ.

සමහර අවස්ථාවලදී අනාරක්ෂිත ගෘප් තියෙනවා. සමහර වෙලාවට තමන්ට හානි කරගන්න ගෘප් තියෙනවා. ඒ ගෘප් එකට ඇතුළත් වෙන්නත් තමන්ට හානියක් කරගන්න වෙනවා. නමුත් ඒ අයට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ අය ඒකට යනවා මොකද එයාලා කැමතියි ඒකට. අනිත් අවස්ථාව තමා සයිබර් අවකාශයේ හිරිහැරයට ලක්වීම. මේකේ ලොකුම ගැටලුව තමා පළමු දේ මේක ලොකු ඕඩියන්ස් එකකට යනවා. දෙවැනි කාරණය තමා පැය 24ම දවස් 7ම. අනිත් එක තමා කවුද මේක කරන්නේ කියලා හොයා ගන්න අමාරුයි. අපි හිතමු මොනවා හරි විදියකින් මේක නැවැත්තුවා කියලා. නැවැත්තුවත් ඒ වෙච්ච හිරිහැරය වෙලා ඉවරයි. මේවායින් පස්සේ විශේෂයෙන් විශාදය හා සියදිවි නසා ගැනීම්වලට යන දරුවෝ අපි දැකලා තියෙනවා.

අනිත් එක හොඳ නැති පුද්ගලයෝ බොරු ගිණුම්වලින් ඇවිත් මේ නව යෞවනයෝ එක්ක ගෘප්වලට එකතුවෙනවා. ඒ වගේම අනවශ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. ඒ හරහා අනවශ්‍ය ලිංගික හැසිරීම්වලට පවා නව යෞවනයන් යන අවස්ථා තියෙනවා. නිරුවත් ඡායාරූප අරන් ළමයින්ව බ්ලැක්මේල් කරන අවස්ථා තියෙනවා. ඒවා අවසන් වෙන්නේ සියදිවි නසා ගැනීම් සහ විශාදය වැනි තත්ත්වවලින්..."

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ