හබරාදූවේ වෙඩිතැබීමක්

හබරාදූවේ වෙඩිතැබීමක්

May 24, 2023   11:24 am

ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද (24) උදෑසන 7.30ට පමණ සිදුකර ඇති එම වෙඩිතැබීමෙන් එම පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් ත්‍රිරෝද රථයකින් යළි එමින් සිටි ඔවුන් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබු පිරිමි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර කාන්තාව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.