ජනක ඉවත් කෙරෙන යෝජනාව පාර්ලිමේන්තුවට

ජනක ඉවත් කෙරෙන යෝජනාව පාර්ලිමේන්තුවට

May 24, 2023   11:03 am

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ පාර්ලිමේන්තු සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසිනි.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ හත් වන වගන්තිය යටතේ එම කොමිසන් සභාවේ වර්තමාන සභාපති ධූරය හා සාමාජිකත්වය දරණ ජනක රත්නායක මහතා එම සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.