ජංගම දුරකථනයක් නිසා ජීවිත 19කින් වෛරය පිරිමැසූ සිසුවිය
සයුරෙන් එතෙර

ජංගම දුරකථනයක් නිසා ජීවිත 19කින් වෛරය පිරිමැසූ සිසුවිය

May 24, 2023   10:26 am

පසුගියදා ගයානා වේ පාසලක නේවාසිකාගාරයක හටගත් ගින්නකින් එහි නවාතැන් ගෙනසිටි ශිෂ්‍යයින් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

එම ගින්නට හේතුව මේ වනවිට හෙළිවී තිබේ.

පාසල් බලධාරීන් පවසන්නේ එම ගින්න සිසුවියක විසින් වුවමනාවෙන් ඇතිකර ඇති බවය.

ඊට හේතුව වී ඇත්තේ ඇයගේ ජංගම දුරකථනය ගුරුවරියක් සහ නේවාසිකාගාරයේ පාලිකාව විසින් ලබාගැනීම බව වාර්තා වෙයි.

ඊට පළිගැනීමක් ලෙස අදාළ සිසුවිය නේවාසිකාගාරයට ගිනි තබා ඇති බව හෙළිවී තිබේ.

සඳුදා (22) රාත්‍රී ඇතිකර තිබූ එම ගින්නෙන් එහි සිටි සිසුවියන් ඇතුළු 19 දෙනෙක් මියගිය අතර බොහෝ දෙනෙක් එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා තිබුණි.