කොළඹ මාර්ග අංක දෙකක බස් වර්ජනයක්
May 24, 2023 09:02 am
අතුරුගිරිය - පිටකොටුව මාර්ග අංක 170 සහ මීගොඩ - පිටකොටුව මාර්ග අංක 190 බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්රවාහන අධිකාරිය සඳහන් කළේ, අපරීක්ෂාකාරී ධාවනය යටතේ පොලිසිය මඟින් රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් එම වර්ජනය ආරම්භ කර ඇති බවය.
ඊයේ (23) පස්වරුවේ ලංගම අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් අපරීක්ෂාකාරී ලෙස ධාවනයේ යෙදී සිටි අවස්ථාවක පෞද්ගලික බස්රථයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එහි රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් වර්ජනය අවසන් කිරීම සඳහා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්රවාහන අධිකාරිය සඳහන් කළේය.