අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් හදිසියේ ගිනි ගනී
May 19, 2023 04:52 pm
හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබෙන අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක හදිසියේ ගිනිගැනීමකට ලක්වී තිබේ.
අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බට තොගයක් එහි තිබූ බව වාර්තා වෙයි.
අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබේ.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.
අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.