වැලිගම වෙඩි වරුසාවක්
May 16, 2023 07:02 am
වැලිගම දෙනිපිටිය ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය ප්රකාශ කළේ ඊයේ (15) රාත්රී 9.40ට පමණ දෙනිපිටිය මුල්ලබොක්ක මාර්ගයට හැරෙන මංසන්ධිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.
ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩිවැදීමෙන් 52 හැවිරිදි පැලෑන ප්රදේශයේ පදිංචිව සිටි කමල් චමින්ද නැමති පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ 20 හැවිරිදි පුත්රයා වෙඩි වැදී ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩික්කරුවන් විසින් වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේ පුතා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහුව ලුහුබැඳ ගොස් වෙඩිතැබීම සිදුකර තිබේ.
එහිදී ඔහුගේ පපුවට හා අතට වෙඩිවැදී තුවාල ලබා ඇත.
අදාළ වෙඩිතැබීම ටී 56 ගිනිඅවියක් භාවිතයෙන් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
ඔවුන් එහිදී වෙඩි උණ්ඩ 20ක් පමණ භාවිත කර ඇති බවට අවට විසිරී තිබූ පතොරොම් කොපුවලින් අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙක් වන අතර ඔහුට පෙර වැරදි රැසක් ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර වෙඩිතැබීම සිදුකළ ස්ථානය පොලීසිය විසින් නිරීක්ෂණය කර තිබේ.
වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.