ඇස් සැත්කමට දුන් එන්නතින් පසු අන්ධ වූ මිනිස්සු
May 15, 2023 08:42 pm
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු රෝගීන් 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
නුවරඑළිය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 05 වැනිදාට පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසු මෙලෙස රෝගීන්ගේ පෙනීම දුර්වල වී ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධයක තිබූ විෂබීජ නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවය.
එම රෝගීන් සැත්කම්වලට ලක්ව නිවෙස්වලට ගොස් දින කිහිපයකට පසු පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ගිය බවයි රෝගීන්ගේ ඥාතීන් පවසයි.
ඔවුන් යළි රෝහල්ගත කර ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු පෙනීම ක්‍රමයෙන් ලැබෙමින් පවතින බවයි වාර්තා වෙයි.
මේ අතර, ඉන්දියාවෙන් ගෙන්වූ නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරනලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සැපයුම් ඒකකයට ලිපියක් යොමුකර ඇති බවද සෞඛ්‍ය වෘත්තීය සමිති අද (15) අනාවරණ කළේය.