ආපදා තත්ත්වයෙන් දකුණේ පාසල් කිහිපයක් වැසෙයි
May 15, 2023 09:49 am
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) වසාදමා තිබේ.
එම ප්‍රදේශයන්ට ඊයේ (14) සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල් රැසක් ජලයෙන් යට වී ඇතැයි ද අප වාර්තාකරුවන් පැවසීය.
ඒ අනුව මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් මොරවක හා කොටපොල කොට්ඨාශවල ඇති සියලුම පාසල් අද දින වසා ඇති බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය නිවේදනය කරයි.
මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් පස්ගොඩ කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනිකුත් සියලුම පාසල් අපදා තත්ත්වය හේතුවෙන් අද දින වසා තැබෙන බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය සඳහන් කළේය.
මුලටියන අධ්‍යාපන කලාපයේ තිහගොඩ කොට්ඨාසයට අයත් කිතලගම නැගෙනහිර හා බටහිර පාසල් ද අද දින වසා තැබෙන බව මුලටියන කලාප කාර්යාලය කියා සිටියේය.
අකුරැස්ස අධ්‍යාපන කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය,පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල ද අද දින වසා තැබේ.
මේ අතර පහත සඳහන් පාසල් ද අද දින වසා තැබෙන බව අප වාර්තාකරුවන් පැවසීය.
01.මාර/දෙයියන්දර ජාතික පාසල
02.මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය
03.මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය
04.මාර/මාකඳුර ප්‍රාථමික විද්‍යාලය
05.මාර/සීනිපැල්ල ප්‍රාථමික විද්‍යාලය
06.මාර/කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය
07.මාර/කොරඹුරුවාන මහා විද්‍යාලය
08.මාර/මීපාවිට ප්‍රාථමික විද්‍යාලය
මේ අතර, මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද(15) උදැසන වන විට නිල්වලා ගඟ හා කිරම ආර ගඟ පිටාර ගැලීමෙන් පහත සඳහන් මාර්ග තව දුරටත් ජලයෙන් යටව පැවතීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා මතුවුණි.
අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ අඹේපාළ හංදිය, හුලංදාව ප්‍රදේශය
මොරවක- නෙළුව ප්‍රධාන මාර්ගයේ මොරවක නගරය සහ කොඩිකාරගොඩ ප්‍රදේශය
අකුරැස්ස කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය
අකුරැස්ස සියඹලාගොඩ ප්‍රධාන මාර්ගයේ පානදුගම ප්‍රදේශය
අකුරැස්ස කද්දුව හරහා මාතර ප්‍රධාන මාර්ගයේ බලකාවල හා කද්දුව ප්‍රදේශය
අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගය අමලගොඩ පරදුව ප්‍රදේශයෙන්
කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදාව ප්‍රදේශයෙන්