දකුණේ තැන් කිහිපයක් ජලයෙන් යටවෙයි
May 14, 2023 06:07 pm
ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක ජලගැලීම් තත්ත්වයන් වාර්තා වී තිබේ.
අකුරැස්ස, තවලම මාර්ගය, ඕපාත සහ තලංගල්ල යන ප්රදේශ ජලයෙන් යටවී ඇති අතර කොටපොළ මාතර මාර්ගය, අකුරැස්ස දෙනියාය මාර්ගයේ ද නායයෑම් හා ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.
මොරවක බස්නැවතුම්ටපොළ ඇතුළු මොරවක නගරයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
අලපලාදෙණිය ප්රදේශයේ පස්කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් නෙළුව මොරවක මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
මෙම තත්ත්වය තුළ තවලම, නෙළුව, මොරවක, වීරපාන, ඕපාත ඇතුළු ප්රදේශ රැසක විදුලිය ඇනහිට ඇති බවද සඳහන්ය.