පොලිස් කොමිසමේ නව සාමාජිකයින් ට හිමිවූ අනුමැතිය

පොලිස් කොමිසමේ නව සාමාජිකයින් ට හිමිවූ අනුමැතිය

May 10, 2023   01:24 pm

ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වු අතර එහිදි නව සාමාජිකයින් සඳහා අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති අතර එම නම් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ දිනයේ දීම යොමුකර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වන විට ජාතික ප්‍රසම්පාදන, මුදල්, විගණන, අධිකරණ  හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන තිබේ.

එහෙත්  මැතිවරණ, අල්ලස් හෝ දුෂණ සහ සීමා නිර්ණය යන කොමිෂන් සභා සඳහා මෙතෙක් නව සාමාජිකයින් පත් කර නොමැත.

මෙම සතිය තුළ දි සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මීට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ තිබුණි.