විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

May 10, 2023   07:10 am

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට මෙලෙස බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශයේ කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බව සඳහන්ය.

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

කෙසේවෙතත් සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරුණු පසුව දැනුම්දෙන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාල මඟින් ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.