දෙදරු පියා අභිරහස් ලෙස මියයයි
May 7, 2023 06:13 pm
අනුරාධපුර තලාව ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයා ගෙන තිබේ.
රක්ෂිතය ආසන්නයේ පිහිටි එම පුද්ගලයාට අයත් ඉඩමක තිබී අද (07) උදෑසන මළසිරුර සොයා ගෙන ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ 56 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා කටයතුවල නිරතව සිට අයෙකු බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.