පාසල් බෑග් සහ සපත්තු ගැන තීරණයක් ගනී
April 26, 2023 12:41 pm
දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙළීමට නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා දේශීය පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදි පැවැත්වුණි.
එහිදි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී යළි පහළ නොගිය බවය.
මේ තත්ත්වය හේතුවෙන් මව්පියන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර මිල අඩු නොකරන්නේ නම් වෙනත් විකල්ප කරා යාමට රජයට සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
හැකි අවම මිලක් යටතේ තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙළීමට නිෂ්පාදකයන් රාජ්‍ය අමාත්‍යවරයාට එකඟත්වය පළ කර තිබේ.
අදාළ නිෂ්පාදන කුමන ප්‍රතිශතයකින් පහත හෙළන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බව නිෂ්පාදකයින් එහිදී ප්‍රකාශ කර ඇත.
මේ අතර වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක් ලබාදීමට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම අද සිදුකෙරුණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති මිසුකොෂි හිදෙයකි මහතා ජයිකා ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා මහතා විසින් ඊට අත්සන් තැබීය.