උතුරු - නැගෙනහිර අලුත්ම තත්ත්වය

උතුරු - නැගෙනහිර අලුත්ම තත්ත්වය

April 25, 2023   01:38 pm

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල කැඳවා ඇති හර්තාල් ව්‍යාපාරය මේ වන විට ක්‍රියාත්මක වේ.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය කැඳවනු ලැබීය.

ඒ අනුව අද (25) උදෑසන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව ද වාර්තා විය.

පාසල්වලට සිසුන් පැමිණීම ඉතා අවම මට්ටමක පවතින අතර ඇතැම් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ද වාර්තා වේ.

නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇතත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෝ වෙනත් සේවා අවශ්‍යතා සඳහා ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව සඳහන් වේ.

එහෙත් උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව "අද දෙරණ" වාර්තාකරුවන් සඳහන් කළේය.