මුහුදේ ගසාගෙන ගිය විදේශිකයින් දෙදෙනෙකු බේරා ගැනේ

මුහුදේ ගසාගෙන ගිය විදේශිකයින් දෙදෙනෙකු බේරා ගැනේ

April 21, 2023   06:30 pm

මුහුදේ දියවැලකට හමුවී සිටි විදේශිකයින් දෙදෙනෙකු බේරාගැනීමට පොලිස් ජීවිත ආරක්ෂ නිලධාරීන් සමත්වී තිබුණි.

හික්කඩුව නාරිගම මුහුදේ දිය නාමින් සිටි ලෙබනනයේ යුවළක් මෙලෙස අනතුරට මුහුණ දී තිබුණි.

ඔවුන් දියවැලකට හසුවී මුහුදේ මීටර් 100ක පමණ දුරක් ගසාගෙන ගොස් සිටියදී මෙලෙස බේරාගෙන තිබුණි.