නිලධාරීන්ව රැවටූ පුද්ගලයෙක් වරද පිළිගනී
April 21, 2023 05:32 pm
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් නිලධාරීන්ට විවිධ බලපෑම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු වරද පිළිගෙන තිබේ.
ඒ අනුව සැකකරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීමෙන් හේතුවෙන් ඉදිරියේදී සමථයක් සඳහා සූදානම් බවට දැනුම්දීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත.