උදැල්ලකින් පහරදී පුද්ගලයෙක් මරුට - කාන්තාවට බරපතළයි
April 20, 2023 04:09 pm
කුඹුරු යායකදී පහරකෑමකට ලක්වූ කාන්තාවක් සහ පුද්ගලයෙකු අතරින් පිරිමි පුද්ගලයා මියගොස් කාන්තාව බරපතළ තුවාල ලබා තිබේ.
කුඹුරු ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මියගිය පුද්ගලයාගේ 65 හැවිරිදි බිරිඳ ය.
පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් තිබූ බවය.
කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.
ගල්නෑව පොලිස් වසමේ හෙලබදුගම ප්‍රදේශයේ කුඹුරු යායකදී ඊයේ (19) සවස් කාලයේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.