පොලීසිය කෝපා හමුවට කැඳවයි
April 18, 2023 05:02 pm
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී එම පාර්ශ්වයන්ට කෝපා කමිටුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇති බවය.
ලබන 25 වන අඟහරුවාදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැඳවා ඇති අතර පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්යය සාධනය ඇතුළු කරුණු පදනම් කරගනිමින් විමර්ශන සිදුකිරීමට නියමිතය.
මේ අතර 26 වනදා පොලිස් දෙපාර්තමේන්තුවට කෝපා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යය සාධනය පරීක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.
