මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

April 16, 2023   09:18 am

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 06දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පැවසීය.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රවේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල තොගයක් පවතින බවට අනාවරණය වී තිබේ.

අදාළ යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයිනට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.