හිසතෙල් ගෑමේ නැකත අද පෙරවරුවේ

හිසතෙල් ගෑමේ නැකත අද පෙරවරුවේ

April 16, 2023   07:00 am

‍සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා හිසතෙල් ගෑමේ නැකත අදට යෙදී තිබේ.

අද (16) පූර්ව භාග 09:41ට හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත.

රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වේ.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) පූර්ව භාග 06:28ට යෙදී තිබේ.

ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.