පෞද්ගලික සාත්තු සේවකයෙකු මරුට
April 12, 2023 07:01 am
චාවකච්චේරිය පොලිස් වසමේ මීසාලේ ප්‍රදේශයේදී පිහියකින් සහ අලවංගුවකින් පහරදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, 43 හැවිරිදි වියේ පසුවූ ආනකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රෝහල් සාත්තු සේවකයෙකි.
ඊයේ (11) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පැවසීය.
ඝාතනය සිදුකළ සැකකරු මානසික ආබාධයක් හේතුවෙන් තෙලිප්පලේ මානසික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සාත්තු සේවකයා වශයෙන් කටයුතු කර ඇත්තේ මරණකරු වන අතර එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇත.
ඊයේ පස්වරුවේ මීසාලේ ප්‍රදේශයේ අධික ලෙස රුධිරය වහනය වෙමින් පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවය ගෙන ඇති අතර චාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.