ඉන්දීය ආර්ථිකය ගැන ඉඟියක්
සයුරෙන් එතෙර

ඉන්දීය ආර්ථිකය ගැන ඉඟියක්

April 11, 2023   05:24 pm

2027 වනවිට ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වන බව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ  ප්‍රංශයේ ඉන්දියානු ඩයස්පෝරා ප්‍රජාව අමතමිනි.

මේ වනවිට ඉන්දියාව ලොව 05 වන විශාලතම ආර්ථිකය හිමි රට බවට සැලකෙයි.

නිදහසේ 100 වන වසර සමරන 2047 වන විට ඉන්දීය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 30 - 35ක ආර්ථිකයක් බවට පත්වනු ඇති බවද ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා පවසා ඇත.