පළාත් පාලන නියෝජිතයින් ගණන සැලකියයුතු ලෙස අඩු කෙරේ

පළාත් පාලන නියෝජිතයින් ගණන සැලකියයුතු ලෙස අඩු කෙරේ

April 11, 2023   03:45 pm

නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් පත් කර‍ගන්නා නියෝජිතයින් ගණන සැලකියයුතු මට්ටමකින් අඩුකර තිබේ.

ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714ක් බව අදාළ වාර්තාව මගින් දක්වා තිබේ.

සීමානිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද (11) භාරදුන්නේය.

අද පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත අදාළ කමිටු වාර්තාව භාර දී තිබුණි.