පාස්පෝට් ගන්න ඉන්න හැමෝටම විශේෂ දැනුම්දීමක්
April 10, 2023 05:49 pm
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසටය.
