හරක් කටාගේ මත් ජාලයට සම්බන්ධ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට
April 9, 2023 04:42 pm
"හරක් කටාගේ" මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙක් බව වාර්තා වෙයි.
කොස්තාපල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සාන්කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74ක් සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරගෙන තිබේ.
පිටකෝට්ටේ, සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව ඔහු පදිංචි පිටකෝට්ටේ ඩේසි මාවතේ නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සැකකරුගෙන් ඔහුට මත්ද්‍රව්‍ය ලැබුණ ආකාරය පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයාගේ සම්බන්ධීකරණය මත මාතර වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයෙකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ට ලබා ගැනීමට ලබාගැනීමට කටයුතු සලසා දී ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.
සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු කරුණු මත සැකකාර කොස්තාපල්වරයා ජංගම දුරකථන දෙකක් සමඟ මිරිහාන පොලිස් පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවසීය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.