මළ සිරුරු ගැන ගත් තීරණය
April 7, 2023 01:23 pm
නාඳුනන හා භාරකරුවෙකු නොමැති මළ සිරුරු භාරගැනීම තාවකාලිකව අත්හිටුවීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ මේවන විටත් රෝහලේ මෘත ශරීරාගාරය තුළ එවැනි මළසිරුරු 28 ක් ගොඩ ගැසී තිබීම හේතුවෙනි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය තුළ මළසිරුරු 36 ක් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් පවතී.
ඒ අතරින් ශීතකරණ දෙකක් වෙන්කර ඇත්තේ ශරීර අවයව සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහාය.
නමුත් වසරකුත් මාස දෙකක කාලයක් තිස්සේ රෝහල් මෘත ශරීරාගාරයේ ඉතිරි ශීතකරණ 34න් 28ක්ම නාඳුනන හා භාරකරුවෙකු නොමැති මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ඉඩ වෙන් කිරීමට රෝහල් පාලනාධිකාරියට සිදුව තිබේ.
එම මළ සිරුරු අතරට විවිධ පොලිස් ස්ථානවලින් භාර දෙන ලද මෘත ශරීර හා රෝහල් ගතව සිට මියගිය නමුත් භාරකරුවන් නොමැති පුද්ගල මෘත ශරීර අයත්ය.
අධිකරණ නියෝග මත හෝ වෙනත් හේතු මත හඳුනාගත් මළසිරුරු දිනපතා 8 ක් 10 ත් අතර ප්‍රමාණයක් රෝහලට රැගෙන එන බවත් මේ හේතුවෙන් එම මළසිරුරු ට්‍රොලි මත තැබීමට පවා සිදුව ඇති බවයි වාර්තා වෙයි.
මෙලෙස මළ සිරුරු ගොඩැගැසීමට ප්‍රධානම හේතුව වි ඇත්තේ පොලිසිය විසින් එම මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකර අත්හැර දමා තිබිමය.
පවතින තත්ත්වය හේතුවෙන් මෙලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලට පොලිසිය විසින් රැගෙන එන නාඳුනන හා භාරකරුවෙකු නොමැති මළසිරුරු භාරගැනීම තාවකාලිකව අත්හිටුවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් රෝහල් අධ්‍යක්ෂවරිය හරහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දී තිබේ.
මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ද වසර දෙකකට වඩා පැරණි මෘත ශරීර ගොඩගැසී ඇති බවය.
නාඳුනන හා භාරකරුවෙකු නොමැති මළසිරුරු 60 ක් පමණ ඒ අතර ඇති බව වාර්තා වෙයි.
