වේගය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රීරෝද රථයක් පෙරළෙයි
April 2, 2023 04:34 pm
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත කොවිල අසලදී ත්‍රීරෝද අනතුරට ලක්වී තිබේ.
එම අනතුරෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකි.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයට ඉඩ ලබාදීමට යාමේදී ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවය.
මෙම ත්‍රීරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර එහි මාස 5ක් වයසැති බිළිඳෙකු ද සිට තිබුණි.
මෙම පිරිස අලුතින් මිලදී ගත් ත්‍රීරෝද රථයට පුජාවක් පැවැත්වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.