ත්රිරෝද රථ රියදුරුගේ නුවණ නිසා ජීවිත 3ක් බේරෙයි
March 27, 2023 11:05 am
වාද්දුව තල්පිටිය ප්රදේශයේදී අද (27) උදෑසන ත්රිරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන 'ගාලු කුමාරි' සීඝ්රගාමී දුම්රියේ එම ත්රිරෝද රථය ගැටී ඇති අතර ඉන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසීය.
එසේ තුවාල ලබා ඇත්තේ තල්පිටිය සමෘද්ධි බැංකුවෙන් සිය ප්රතිලාභ ලබාගැනීමට පැමිණි දෙදෙනෙකි.
එම දුම්රිය හරස් මාර්ගයට කිසිදු ආරක්ෂක ක්රමයක් නොමැති බවත් එම ත්රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය මත එකවරම නැවතී ඇති අතර එහි රියදුරා කාන්තාවන් දෙදෙනාව ඉවතට ගෙන ඇත.
ඔවුන්ගේ ජීවිත බේරී තිබුණේ ඒ හේතුවෙන් බව වාර්තා විය.