රයිගම් ටෙලීස් සම්මාන උළෙල -  දෙරණ ට සම්මාන රැසක්

රයිගම් ටෙලීස් සම්මාන උළෙල - දෙරණ ට සම්මාන රැසක්

March 25, 2023   07:35 pm

2022 රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වනවිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි.

එහිදී වඩාත් ජනගත රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය සඳහා වූ සම්මානය මෙවර හිමිවුණේ අද දෙරණට ය.

මේ අතර TV දෙරණ හරහා විකාශය වන, K.C සාරංග විසින් නිෂ්පාදනය කරන ලද "The Other Side" වාර්තාමය වැඩසටහන ජූරියේ විශේෂ සම්මානය දිනා ගත්තේය.

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය සඳහා හිමි සම්මානය දිනා ගැනීමට "අද දෙරණ උකුස්සා" සමත් වුණි.

"2022 වසරේ "විශිෂ්ටතම කථිකා" වැඩසටහනට වෙනුවෙන් TV දෙරණ" ඔස්සේ විකාශය වන "අලුත් පාර්ලිමේන්තුව" සම්මානයට පාත්‍ර විය. 

"2022 වසරේ විශිෂ්ටතම රූපවාහිනි හඬකැවීම් නිර්මාණය" වෙනුවෙන් "අපේ චූටි දූ" නාට්‍ය සඳහා අනුරාධ සිගේරා සහ චතුරු ආශිංසන හෙට්ටිආරච්චි "ටීවි දෙරණ" වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

2022 වසරේ "නිර්මාණාත්මක රූපවාහිනි රියැලිටි වැඩසටහන" සම්මානය හිමිවූයේ "දෙරණ 60 Plus Season 04 " වැඩසටහනට ය.

2022 වසරේ "විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය" වෙනුවෙන් "හීන බන්ධන" ටෙලි චිත්‍රපටය සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක අතුල පීරීස් "ටීවි දෙරණ" වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

2022 වසරේ "සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව" ලෙස "TV දෙරණ" සම්මානයට පාත්‍ර විය.