ඉල්ලීම..
March 25, 2023 02:30 pm
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීම සහ තෑගි බෙදා දීම මෙහිදී සිදු කෙරුණු අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද එම අවස්ථාවට සහභාගි වූහ.
එමෙන්ම පෞද්ගලිකවම නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ කටයුතු සොයා බැලීමට ද පිරිස කටයුතු කළ අතර, එක් රණවිරුවෙකුගේ ඉල්ලීම මත ජංගම දුරකථනය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කරගනිමින් උපන්දින සුබ පැතුම් පිරිනැමීමට ද අවස්ථාව සලසා දුනි.