IMF මුදල් නිසා මෙරට පොලී අනුපාත පහළ යයි - මහ බැංකු අධිපති
March 23, 2023 08:22 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම ඉදිරියේදී මෙරට පොලී අනුපාත පහළ යෑමට ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද දෙරණ සමග පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ මෙම ණය පහසුකම නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවය.
තෙවන හෝ සිව්වන කාර්තුව වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.