පූනාගල ඛේදවාචකයක් - පුද්ගලයින් 300කට නිවාස අහිමිවෙයි
March 19, 2023 10:34 pm
බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රාත්‍රී 8 පමණ වනවිට පැමිණි විශාල ජල පහරක් සමග සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාසවලට හා වෙළෙඳසැලකට දැඩි හානි සිදුව තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, එම ආපදා තත්ත්වයෙන් වෙළෙඳ සැලක් හා වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බවය.
ඉන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.
අධික වැසි හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ.
කොස්ලන්ද, ලියන්ගහවෙල හා බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය මෙන්ම දියතලාව යුදහමුදා නිලධාරීන් ද පැමිණ ආපදාවට පත් පිරිස රෝහල් වෙත ඇතුළත් කිරීමට යුහුසුළුව කටයුතු කර තිබේ.