ප්‍රදේශ දෙකක භූචලන

ප්‍රදේශ දෙකක භූචලන

March 19, 2023   08:50 am

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ. 

කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි.

ඊයේ (18) පස්වරුවේ මෙම භූචලනය වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.